

ඉන්දියාවෙන් මෙරටට ලැබුණ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත අද (29) දිනයේ මේ දක්වා කාලය තුළ 2,600කට අධික පිරිසකට ලබාදී ඇති බව, වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ වෙෙද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
බස්නාහිර පළාතේ රෝහල් 07කදී අද දිනයේ එන්නත්කරණය සිදුකර තිබෙන අතර එම රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක පිරිසකට අද දින එන්නත්කිරීම සිදුවූණා.
මෙතෙක් කිසිදු මධ්‍යස්ථානයකින් ආසාත්මිකතාවන් වාර්තා නොවූ බවයි රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ.
එන්නත්කරණ ක්රියාවළිය සාර්ථක බව ද කොවිඩ් රෝගය පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471