පළමු තරගයේ ජය නවසීළන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීළන්තය අතර පළමු එක්දින තරගය අද නවසීලන්තය ජයගත්තා.

ඒ ශ්‍රී ලංකා පිල ලකුණු 45කින් පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනා නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණූ 371 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49 කදී සියළු කඩුළු දැවි රැස් කර ගැනිමට හැකි වුයේ ලකුණු 326 ක් පමණයි.

 මෙහිදී කුසල් ජනිත් පෙරේරා සිය 4 වන එක්දින ශතකය වාර්තා කළා.

එ අනුව දෙරට අතර තරඟ 03 කින් යුත් එක්දින තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න