සෞඛ්‍ය ඇමතිනියට බරපතල නෑ / පවුලේ සාමාජිකයන් කියයි

ByLankaAnews

Jan 30, 2021

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර සිටිය ද ඇය බරපතල තත්ත්වයක පසු නොවන බව වන්නිආරච්චි මහත්මියගේ සැමියා වන කාංචන ජයරත්න මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ යම් ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඇයට ඔක්සිජන් සැපයීම සිදුකළ ද අමාත්‍යවරිය ඉක්මන් සුවය ලබමින් පවතින බවයි.
අධික උණ රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීම පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අයී ඩී එච් රෝහලට මාරු කර යැවීමට මුල්වී තිබුණා.
අමාත්‍යවරිය හැර පවුල් කිසිදු සාමාජිකයකු කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරුව තිබුණ ද ඔවුන් නිරෝධායනයට ලක්වෙමින් පවතින බවයි කාංචන ජයරත්න මහතා සදහන් කළේ.

මේ අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය වැළදුණු ආකාරය හදුනා ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ.
කෙසේ වෙතත් කාංචන ජයරත්න මහතා පවසන්නේ විවිධ රෝහල්වල කාර්ය මණ්ඩල මුණ ගැසීම හා පාර්ලිමේන්තුවේ ආසාදිත මන්ත්‍රීවරුන් හරහා ඇයට වෛරසය වැළඳුණු බවට සැක කළහැකි බවයි.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බලමින් පවතින බවයි ඔහු කියා සිටියේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *