තෙල් සංස්ථාවේ කළහයට සම්බන්ධ නාගරික මන්ත්‍රීට ඇප නෑ

අයුතු ලෙස ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයට ඇතුලුවීම හා අයුතු ජනරාශිය යටතේ චෝදනා ලැබ සිටින කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ මහතා ලබන 18 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය
අද නියෝග කළා.
ඒ සැකකරු වෙනුවෙන් ඉදිරිපත්වූ ඇප ඉල්ලීමේ යෝජනාවද ප්‍රතික්ෂේප කරමිනුයි.

මෙම සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් 6 දෙනෙකු අද අධිකරණය වෙත බාර වීමට පැමිණි අතර පොලිසියට ගොස් බාරවන ලෙස මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියෝග කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න