මන්ත්‍රී විමල්ට එරෙහි නඩුව කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට එරෙහිව අල්ලස් හො දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවර ඇති නඩුව ලබන මාර්තු 27 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙටිටිආරච්චි මහතා අද නියෝග කර තිබෙනවා.


ඇමතිවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස රුපියල් මිලියන 75කට ආසන්න මුදලක් උපයා ගැනීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබුණා.

විත්තකිරුට එරහිව පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කොට ඇති ඔහුගේ බැංකු ගිණුම් වාර්තා නිර්මාණය කළ පරිගණක පද්ධතියට ප්‍රවේශ වීමට විත්තිකරුගේ නියෝජිතයින්ට සහ විත්තිකරුගේ නීතිඥරුන්ට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස ද විනිසුරුවරයා එහිදි එම ගිණුම් සම්බන්ධ පුද්ගලික වාණිජ බැංකුවකට නියෝග කර තිබෙනවා.

.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න