අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය තුලදී රැදවියන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධ විමර්ෂණයේ නිර්දේශ කඩිනමින් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
එම කොමිසම නිවේදනය කළේ කොමිෂන් සභාවේ නියෝජිතයින් මීට අදාළව බන්ධනාගාර පරිශ්‍රයට ගොස් විමර්ෂණ සිදුකළ බවයි.
එහිදී රැදවියන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර පහරකෑමට ලක්වූ රැදවියන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් වෙත යොමුකර අවශ්‍ය කටයුතු කිරීමටද කොමිසම උපදෙස් ලබාදී තිබෙනවා.
මේ වන විටත් එම විමර්ෂණ සිදුකරන අතර කඩිනමින් අවසන් නිර්දේශය නිකුත් කරන බවද නිවේදනයේ දක්වා තිබෙනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :