පකිස්ථානයට ඉන්දියාවෙන් යළිත් ත්‍රස්ත චෝදනාවක්

Sri Lanka

පකිස්ථානය ත්‍රස්තවාදයට සහාය දක්වන බවට ඉන්දියාව යළිත් චෝදනා කර තිබෙනවා.
ඇමරිකානු මාධ්‍යවේදියෙකු වූ ඩැනියෙල් පර්ල් හිස ගසා දමා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඕමාර් සයීඩ් මුදා හැරීමට පියවර ගැනීම තුලින් එය තහවුරු වන බවයි ඉන්දියාව පවසන්නේ.
ඕමාර් සයීඩ් මුදා හැරීමට එරෙහිව ඝාතනය වූ මාධ්‍යවේදියාගේ පවුලේ ඥාතීන් අභියාචනයක් ඉදිරිපත් කළ ද එය ද ප්‍රතික්ෂේප කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
ඒ අනුව විදෙස් මාධ්‍යවේදීන්ට මෙන්ම ආයෝජකයන් වැනි පාර්ශව වලටද එය තර්ජනාත්මක තත්ත්වයක් බව ඉන්දියාව පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව ත්‍රස්තවාදයට පකිස්ථානය සහාය දක්වන බවට ඉන්දියාව දරන ස්ථාවරය නොවෙනස්ව පවතින බවයි එම වාර්තා පවසන්නේ.
කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් පකිස්ථානය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *