ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත 65ට වැඩි අයට වැඩක් නෑ / ප්‍රංශයත් හෙළිකරයි

Sri Lanka

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන්ට ලබාදීම අත්හිටුවීමට ප්‍රංශය ද අවධානය යොමුකර තිබෙනවා.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රාන් කියා සිටියේ වියපත් පුද්ගලයන්ට ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත ඵලදායී නොවන බව අධ්‍යයන මගින් හෙලිවෙමින් පවතින බවයි.
ඊයේ දිනයේ ජර්මනිය විසින් ද ඔක්ස්ෆර්ඩ් එන්නත වයස අවුරුදු 65 ඉක්මවූවන්ට ලබාදීම නවතා දමනු ලැබුවා.
ඒ එම වයස් කාණ්ඩය ඉක්මවූ පුද්ගලයන් මෙම එන්නත ලබා ගත් පසු වෛරසයෙන් ආරක්ෂා වූ බවට ප්‍රමාණවත් දත්ත නොමැතිවීම මතයි.
කෙසේ වෙතත් අවුරුදු 60 ත් 65 ත් අතර කාණ්ඩයට මෙය බරපතල මට්ටමින් බල නොපාන බවයි මෙමගින් හෙළිකර ඇත්තේ.
මෙම දත්ත් තවදුරටත් අධ්‍යයනය කිරීමට නියමිතයි.
මේ අතර බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අඛණ්ඩව ප්‍රමාද කරමින් පැවතීම පිළිබදව ද ප්‍රංශය ප්‍රශ්න කර තිබෙනවා. – Agence France-Presse

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *