නිදහස් දා ඥානසාර හිමියන්ට ජනපති සමාව/ දුමින්ද කියයි

සිර දඩුවම් විදිමින් සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙබරවාරි 04 වනදාට යෙදෙන නිදහස් දිනයේදී ජනාධිපති සමාවක් ලැබීමේ ඉඩක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ ඊයේ දිනයේදී ඥානසාර හිමියන් මුණගැසීම සදහා බන්ධනාගාරයට යාමෙන් පසුවයි.
ඒ අනුව ජනාධිපතිවරයා වෙත ලැබී ඇති ඉල්ලීම් අනුව බොහෝ විට නිදහස් දිනයේදී ඥානසාර හිමියන් ජනාධිපති සමාවක් ලබනු ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.