විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රුපියල් මිලියන 10 ක් දක්වා සහන නිවාස ණයක් ලබාදීමට ආණ්ඩුව ගත් තීරණය ඉතා කාලෝචිත පියවරක් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
ලංකා ඒ නිවුස් සමග සංවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ විදෙස්ගත ලාංකීය ශ්‍රමිකයින්ට මෙම සහනය වඩාත් වැදගත් එකක් බවයි.
මෙරට ආර්ථිකයේ විශාලතම දායකත්වයක් සපයන විදෙස්ගත ශ්‍රමිකයන්ට නිවසක සිහිනය සැබෑ කර ගැනීමට මේ හරහා අවස්ථාව හිමිවන බවද ජේ සී අලවතුවල මහතා සදහන් කළා.
මෙහිදී විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදෙන නිවාස ණය වසර 15 ක් තුළදී ගෙවා නිම කිරීමට මෙන්ම ඒ වෙනුවෙන් වසර 2ක සහන කාලයක් ලබාදීමද ඉතිහාසයේ විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදුන් ඉහළම සහනය බවද අමාත්‍යවරයා අවධාරණය කරනවා..

රටින් බැහැරව විවිධ උවදුරු දරමින් සේවය කරන ලාංකිකයින්ගේ ගැටලු විසදීමට කඩිනම් පියවර ගන්නා අතරම විදෙස් රටවලදී ඔවුන්ට ඇතිවන ගැටලු අවම කිරීම සදහාද රජය තානාපති අංශ හරහා පියවර ගනිමින් පවතින බවද ඔහු කියා සිටියා.
රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් දක්වන විදෙස්ගත ලාංකීය ශ්‍රමිකයින්ට මීටත් වඩා ඇගයීමක් හිමිවිය යුතු අතරම ඉදිරියේදී එම සහන ලබාදීමට ආණ්ඩුවේ අවධානය යොමුකර ඇති බවද ජේ සී අලවතුවල මහතා සදහන් කළා.
ඒ අනුව විදෙස්ගත ලාංකිකයින්ට ජන්ද අයිතිය වැනි හිමිකම්ද තහවුරු කිරීම අනාගතයේදී සිදුවිය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :