වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තාවෙයි

කොරෝනා වසංගතය ආරම්භයේ සිට වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන ඊයේ වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ගතවූ දිනයේ ආසාදිතයන් දාහතර ලක්ෂ හතලිස් නව දහසක් වාර්තා වූ බවයි වර්ල්ඩ් මීටර් වෙබ් අඩවිය විසින් වාර්තා කළේ.

මෙය ඔමික්‍රොන් ප්‍රභේදය හා උත්සව සමය යන කරුණු මත බලපෑ තත්ත්වයක් ලෙසයි නම් කර ඇත්තේ.

ඒ අනුව ගතවූ සතියේ දිනක ආසාදිතයන්ගේ සාමාන්‍යය 847,000 ක් ලෙස නම් කර තිබෙනවා.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය ගතවූ සතියට වඩා සියයට 49ක වර්ධනයක් වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් කොරෝනා මරණ සංඛ්‍යාව සුළු පහතයාමක් පෙන්නුම් කර අතර ඊයේ දිනයේ කොරෝනා මරණ 6233ක් වාර්තා වුණා.

බ්‍රිතාන්‍යය තුල පමණක් ගතවූ සතියේ දී කොරෝනා ආසාදිතයන් මිලියන 1.4ක් වාර්තාවී තිබෙනවා.

irc-banner

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.