නව කොරෝනා ප්‍රභේදයෙන් ලංකාවට බරපතල තර්ජනයක් නෑ /වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා

Sri Lanka

මෙරට තුල ව්‍යාප්ත වන බව හදුනාගත් නව කොරෝනා ප්‍රභේදයෙන් ශ්‍රී ලංකාව බරපතල තර්ජනයකට මුහුණ දී නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ හා වසංගත රෝග පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ නව කොරෝනා ප්‍රභේද වෙනුවෙන් නව එන්නතක් නිපදවන තෙක් පවතින එන්නත් නව ප්‍රභේදයෙන් ආරක්ෂාව වීම සදහා ද භාවිතා කරන බවයි.
මේ වන විට කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බවද වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවා.
පසුගිය සතියේ ඉන්දියාවෙන් කෝවිඩ් -19 එන්නත් මාත්‍රා 500,000 ක් මෙරටට ලබාදෙනු ලැබුවා.
එය මේ වන විට 38,000 ක පිරිසක් වෙනුවෙන් ලබාදී තිබෙනවා.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *