ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන්වීමට සැකපිට පොලිස් පරීක්ෂක අත්අඩංගුවට – Lanka A News

ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන්වීමට සැකපිට පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

ගාල්ල රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් .
රත්ගම ප්‍රදේශයේ පදිංචි රසීන් චින්තක හා මංජුල අසේල යන ව්‍යාපාරිකයින් දෙදෙනා පසුගිය ජනවාරි 23දා සිට අතුරුදන්ව ඇති අතර වෑන් රථයකින් හා මෝටර් රථයකින් පැමිණි පොලිස් නිල ඇඳුමින් සැරසුනු පිරිසක් ඔවුන්ව පැහැරගත් බවයි ඥාතීන් චෝදනා එල්ල කරන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන අතර දකුණු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානය වෙත මාරු කර යැවීමටයි ඊයේ දිනයේදී පියවර ගැණුනේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න