නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අතුරු වාර්තාව වෙබ් අඩවිවල පළ වීමෙන් සහ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමෙන් පසු මහින්ද පිල තියුණු කඩාවැටීමකට ලක් වී ඇති අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස පිරිසක් ඉවත් වීම ස්ථිර බව අනාවරණය වේ.

ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු මහින්ද රාජපක්‍ෂගේ උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක මහතා සහ ප‍්‍රබල භික්‍ෂුන් වහන්සේ දෙනමක් ද, චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීවරයාද මහින්ද පාර්ශ්වය අත්හැර යාම ස්ථිර බව මේ අතර අනාවරණය වේ.

මෙම අතුරු වාර්තාව ප‍්‍රසිද්ධ වීමට පෙර විමල් වීරවංස සහ දයාන් ජයතිලක අතර බරපතළ මතගැටුමක් මේ සම්බන්ධයෙන් ඇති විය. වාර්තා වන අන්දමට අතුරු වාර්තාව ප‍්‍රසිද්ධ කළ පසු ප‍්‍රබල භික්‍ෂුන් වහන්සේලා දෙනමක්ද දයාන් ජයතිලක මහතාගේ මතය හා එක්වී ඇතර චන්ද්‍රසිරි ගජධීර මහතා ඇතුළු මන්ත‍්‍රීවරුන් කීපදෙනෙකුද මෙම මතය හා එකඟවෙමින් මහින්ද පිලෙන් ඉවත් වීමට සූදානම් වන බවද අනාවරණය වේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.