අවුරුදු 2ට හෙරොයින් සමග 47,000 ක් අත්අඩංගුවට

2018 වසර තුළ හෙරොයින් කිලෝ 732 හා ග්‍රෑම් 129ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

එම සමය තුල හෙරොයින් සමග සැකකරුවන් හතළිස්දහස් නවසිය අනූඅට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

එමෙන්ම 2019 ජනවාරි පළමුවැනිදා සිට 2019.02.24 උදෑසන දක්වා කාලය වනවිට හෙරොයින් කිලෝ 520 හා ග්‍රෑම් 762 අත්අඩංගුවට ගෙන ඇති අතර එම හෙරොයින් සමග සැකකරුවන් හයදහස් හයසිය පනස් එක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :