රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ සිරුරු ගෙන ගිය කැබ් රථය අත්අඩංගුවට

රත්ගම ප්‍රදේශයේදී තරුණ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන යෑමට හා ඔවුන් ඝාතනය කර මළසිරුරු රැගෙන යෑමට භාවිත කළ කැබ් රථය පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එම රථය සොයාගනු ලැබු බවයි.

මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා වෑන් රථයකින් පැහැර ගැනීමෙන් පසු ඝාතනය කර කැබ් රථය මගින් සිරුර ප්‍රවාහනය කර ඇතැයි අනාවරණවී තිබෙනවා.

එම කැබ් රථයේ හිමිකරු අක්මීමන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම රථය සම්බන්ධයෙන්ද විශේෂ රස පරීක්ෂක වාර්තාවක් කැදවීමට නියමිතයි.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :