

දකුණු ආසියානු කලාපය තුල සිය මිත්‍ර රටවල් සමග යුධ සබදතා වර්ධනය කර ගැනීමට ජර්මනිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජපානය සමඟ යුධ සබදතා තර කර ගැනීම වෙනුවෙන් ජර්මානු යුධ නෞකාවක් විශේෂ ජපාන සංචාරයක යොදවන බවයි නිවේදනය කර ඇත්තේ.
එළඹෙන අප්‍රේල් මාසයේ දී සිදුකරන මෙම සංචාරය සම්බන්ධයෙන් ජපාන මාධ්‍යය ද වාර්තා පල කර තිබුණා.
ආසියානු කලාපයේ නාවික බලය සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී තත්ත්වයන් තුල අමෙරිකානු , ජපාන , ඉන්දීය හා ඔස්ටේ්රලියාව සමග යුධ සබදතා තර කර ගැනීම ජර්මනියේ අරමුණ වනවා.
මෙය ඉන්දු පැසිෆික් කලාපයේ වර්ධනය වන බල අරගලයට ජර්මනිය මැදිහත් වන පළමු අවස්ථාව ලෙසද නික්කේ ඒෂියා වාර්තා කර තිබෙනවා.
දකුණු චීන මුහුද හරහා නැව් යාත්‍රා කිරීමේ නිදහස ආරක්ෂා විය යුතු බවට ජර්මානු කැබිනට් මණ්ඩලය තීරණය කිරීමෙන් පසුව මෙම ක්‍රියාමාර්ගයට එළඹීම විශේෂත්වයක්.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471