වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හදිසි තීරණයක් නොවේ / වරාය සභාපති

Sri Lanka

වරාය අධිකාරිය හා ඊට සම්බන්ධ කටයුතු අත්‍යාවශ්‍ය සේවා බවට පත් කිරීම මේ වන විට පවතින වෘත්තීය ක්‍රියාමාර්ග මත ගත් තීරණයක් නොවන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා පවසනවා.
ඔහු කියා සිටියේ එය මාස කිහිපයකට පෙර ගනු ලැබූ තීරණයක් බවයි.
කෙසේ වෙතත් එම ගැසට් පත්‍රය ආසන්න අවස්ථාවකදී නිකුත් වීම කොරෝනා තත්ත්වයන් මත සිදුවූ ප්‍රමාදයක් පමණක් බවයි වරාය සභාපතිවරයා පවසන්නේ.
මේ අතර වරාය සේවකයන් තවදුරටත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටිනවා.
ඉතා ඉක්මනින් සාකච්ජා මාර්ගයෙන් මෙම ගැටළුව විසදා ගත හැකි බවයි දයා රත්නායක මහතා කියා සිටියේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *