ජා ඇල මත්ස්‍ය අපනයන සැකසුම් ආයතනයක සේවකයන් 90 කට කොරෝනා

Sri Lanka

ගම්පහ, ජා ඇල ප්‍රදේශයේ මත්ස්‍ය අපනයන සැකසුම් ආයතනයක සේවකයන් 90 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී කුලතිලක මහතා පැවසුවේ පසුගිය දින කිහිපය තුල සිදුකළ පී සී ආර් පරීක්ෂණ අනුව එම ආයතනයේ සේවකයන්ගෙන් සියයට 50ක් පමණ ආසාදිතයන් ලෙස හදුනාගත් බවයි.
සෞඛ්‍ය උපදෙස් හා නිරෝධායන නීතීන් නොසලකා එම ආයතනයේ සේවකයන් සාදයක් පවත්වා ඇති බවත් , ආයතනයේ පාලනාධිකාරිය ඒ සම්බන්ධයෙන් දැනුවත් නොකර ඇති බවත් හෙලිව තිබුණා.
එම සාදයට සහභාගී වූ පිරිස අතරින් බහුතරයක් මෙසේ ආසාදිතයන් බව හදුනාගෙන තිබෙනවා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *