සිම්බාබ්වේ අගනුවර වන හරාරේ නගරයේ බලය අත්පත් කරගත් එරට හමුදාව මේ වන විට ජනාධිපති රොබට් මුගාඛේ ඇතුලු පවුලේ සාමාජිකයින් නිවාස අඩස්සියට ගෙන ඇති බව දකුණු අප්‍රිකානු ගුවන් විදුලි සේවය නිල වශයෙන් තහවුරු කර තිඛෙනවා.
ඒ අනුව මෙය බලය පෙරලීමේ හමුදා කුමන්ත්‍රණයක් නොවන බවට සිදුකළ ප්‍රකාශය අසත්‍ය බවටයි අනාවරණවී ඇත්තේ.
අද පෙරවරුවේ සිම්බාබ්වේ අගනුවර බලය එරට හමුදා විසින් අල්ලාගත් අතර ඔවුන් නිවේදනය කළෙ මෙය ජනාධිපතිවරයාට හෝ පාලනයට එරෙහි පියවරක් නොවන බවයි.
ජනාධිපතිවරයා වටා සිටින දූෂිතයින් මර්ධනය කිරීමේ පියවරක් ලෙසයි එය හදුන්වාදී තිබුණේ.
මේ වන විට සිම්බාබ්වේ රාජ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදය අහිමිව ඇති බැවින් එරටට නියම ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීම මෙහි අරමුණ බවයි එරට හමුදා පවසන්නේ.
මේ වන විට 93 වන වියේ පසුවන සිම්බාබවේ ජනාධිපති රොබට් මුගාඛේද ප්‍රජාතන්ත්‍රවාදය කඩකරමින් බලය තහවුරු කරගත් අයකු ලෙස නම් කර තිඛෙනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.