රාවතාවත්තෙන් ඇල්ලූ හෙරොයින් අගය රුපියල් මිලියන 1800 ක්

මොරටුව  රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගත් හෙරොයින් වල  වටිනාකම රුපියල් මිලියන 1800 අධික බව පොලිස්  මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.

මාකදුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයකු බව කියන කැවුමා නැමැති සැකකරු සැඟව සිටීම සඳහා භාවිතා කර තිබූ තෙවන ආරක්ෂිත නිවස ලෙස රාවතාවත්තේ එම නිවස හදුනාගෙන තිබෙනවා.

මෙම නිවසේ  තිබී හොරොයින් වලට අමතරව  පිස්තෝල දෙකක් ස්වයක්‍රිය ෂොට් ගන් ගිනි අවියක්  , විවිධ ගිනි අවි වලට අයත් උණ්ඩ, සිම් කාඩ්පත්, ජංගම දුරකථන , බොරු කොණ්ඩ,  ආදි භාණ්ඩ රැසක් තිබි සොයාගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

කැවුමා ලෙසින් හදුන්වන මෙම සැකකරු රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය සොරකම් කිරීමෙන් පසු ලග තබාගෙන සිටි පුද්ගලයා බවද පසුගියදා අනාවරණ වුණා.