

කොවිඩ් මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති කොවිෂීල්ඩ් එන්නත හෙවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් ලක්ෂ 35ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවනවා.
එම එන්නත් මේ වන විටත් ඉන්දියාවෙන් ඉල්ලා ඇති බවයි ,ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ.
මෙම එන්නත ඉක්මනින් මෙරටට ලැබීමට නියමිත බවත් එය ලැබුණු වහාම එන්නත් කිරීම ආරම්භ කරන බවද විශේෂඥවරයා පැවසුවා.
පසුගියදා ඉන්දියාව එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ප්රදානය කළ අතර චීනය ද එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ලබාදීමට නියමිතව තිබෙනවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476