IDH රෝහලේ කොරෝනා රෝගීන් ඉහළට / ඔක්සිජන් ධාරිතාවයත් ඉහළ යයි

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH රෝහල) ධාරිතාව ඉක්මවා යමින් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසනවා.

මේ වන විට දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් වන රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව ද ක්‍රමානුකූලව ඉහළ යමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

“විශේෂයෙන්ම පසුගිය සතිය හා සසදනකොට මේ සතියේ කොවිඩ් ආසාදිතව රෝහලට ඇතුළුවන රෝගීන් 50%ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම සංකූලතාවලට ලක්වන අය, ඔක්සිජන් සැපයීමට අවශ්‍යවන අය, දැඩි සත්කාර ඒකකවලට යොමු කළ යුතු රෝගීන් සංඛ්‍යාවේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබෙනවා. භාහිර රෝගී අංශය හරහා අනුක ජීව විද්‍යාගාරය වෙත ඉදිරිපත්වන PCR පරික්ෂණවලින්  50%- 60% අතර ප්‍රමාණයක් ආසාදිත බවට තහවුරුවන බව අපට ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍යතුමිය ප්‍රකාශ කළා. ඒ අනුව කාරනා පෙළගැස්වීමේදී අපිට බලාපොරොත්තුවෙන් පුළුවන් ඉදිරි සති දෙක ඇතුළුත විශාල රෝගීන් සංඛ්‍යාවක් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම  පහේ වාර්තා වෙයි කියලා.”


විශේෂ දැනුම්දීමයි

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්‍රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.