විදුලිය නිපදවීමට ඩීසල් හා දැවිතෙල් අදින් අවසන් / විදුලි බල මණ්ඩලය

විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද දිනයට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, කැලණිතිස්ස බලාගාර සංකීරණයට විදුලිය උත්පාදනය සඳහා ලබාදුන් ඩීසල් තොග අද අවසන් වන බවයි.

සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරය සඳහා දැවි තෙල් ප්‍රමාණවත් වන්නේද අද දිනයට පමණක් බව ඔහු ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුවත් කර ඇති බව විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඔහු සඳහන් කළේ ඇණවුම් කළ ඩීසල් හා දැවි තෙල් අද දිනයේ නොලැබුණහොත් විදුලිය කප්පාදුවකට යාමට සිදුවන බවයි.

කෙසේ වෙවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ විදුලිය කැපීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කළ ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරු ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා අද සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.


විශේෂ දැනුම්දීමයි

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්‍රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.