
ශ්‍රී ලංකා මුහුදේ දී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර බෝට්ටු වෙන්දේසි කිරීම හා තමිල්නාඩු ධීවරයින්ට පහර දීම නතර කරන ලෙස ලංකාවට බලපෑම් කරන්නැයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජයට දැනුම්දී තිබෙනවා.
ඔහු ලිපියක් මගින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් වහා මැදිහත් වන ලෙසයි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් වෙත වෙන වෙනම ලිපි යවමින් ,ශ්‍රී ලංකා රජයට එල්ල කළ හැකි ප්‍රබලම කොන්දේසි යටතේ සිය අප්‍රසාදය පළ කරන ලෙසද දැනුම්දී තිබුණා.
ලංකාවේ විවිධ වරායන්හි නැංගුරම්ලා ඇති තමිල්නාඩු ධීවර බෝට්ටු 125 ක් යළි ඉන්දියාවට ගෙනයාමට තමිල්නාඩු ප්‍රාන්ත රජය සූදානම් බව ද ඔහු පවසා තිබෙනවා.
මෙම ධීවර යාත්‍රා විවිධ ශ්‍රී ලංකාවේ අධිකරණ මගින් නිදහස් කර ඇති බව පෙන්වා දුන් ඔහු ඒවා වෙන්දේසි කිරීමට අයිතියක් නැතැයි ද අවධාරණය කළා.
විශේෂ දැනුම්දීමයි
පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews