මඟුල් ගෙදරක ගිය කටානේ 100කට කොරෝනා

විවාහ මංගල උත්සවයකට සහභාගි වූ 100 දෙනෙකුට වැඩි පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක ඉකුත් 18 වැනිදා මෙම විවාහ මංගල්‍ය උත්සවය පවත්වා ඇත.

කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම විවාහ මංගල සාදයේදී මත්පැන් පානය කරමින් නර්තනයේ යෙදුණු පිරිසක් මංගල උත්සවයට පසු දින කීපයකින් ආසාදිතයන් ලෙස පළමුවෙන්ම තහවුරු වී තිබෙන බව තොරතුරු වාර්තා වේ

කොවිඩ් ආසාදිත බවට හඳුනා ගත් රෝගීන්ගෙන් 30 දෙනකු මේ වන විට හඳුනාගෙන ඇති අතර අනෙක් පිරිස් ඔවුන්ගේ නිවෙස් ද වසා දමා සෞඛ්‍ය නිලධාරීන් මගහැර ගොස් ඇති බව වාර්තා වේ.

හඳුනාගත් කටාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර ඇති අතර අනෙක් ආසාදිතයන් පිළිබඳ සොයා බැලීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

aruna


විශේෂ දැනුම්දීමයි

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්‍රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.