රාජ්‍ය ඇමති අලගියවන්නටත් කොරෝනා

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ බව අද (29) තහවුරු වී ඇති බවයි ඔහුගේ ලේකම්වරයෙකු සඳහන් කළේ.

මේ අතර, කථානායක මහින්දයාපා අබේවර්ධන මහතාටද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

පෙරේදා (26) දින සිදු කරන කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි, කතානායකවරයාට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.

කතානායකවරයා ප්‍රතිකාර සදහා අයි ඩී එච් රෝහලට ඇතුලත් කර තිබෙනවා.


විශේෂ දැනුම්දීමයි

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්‍රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.