පකිස්ථානයට එරෙහිව පාර්ශව කිහිපයක් අන්තර්ජාතික අධිකරණයට

Sri Lanka

ඉන්දියාව, බංග්ලාදේශය. පාකිස්තානය. බලුකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල ජන සංහාර සිදුකළ බවට චෝදනා කරමින් පාකිස්තානයට එරෙහිව අන්තර්ජාතික අධිකරණයේ නඩු පවරන්නැයි ජම්මු හා කාශ්මීර එක්සත් පදනම ඉල්ලීමක් කර තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ එක්සත් රාජධානියේ පාර්ලිමේන්කු මන්ත්‍රී බොබ් බ්ලැක්මන්, මාධ්‍යවේදී ෆ්‍රැන්කොයිස් ගෝටියර් හා බංග්ලාදේශ , ඉන්දීය හා ඇෆ්ගනිස්ථාන නියෝජිතයන් පිරිසක් විසින් මෙම ඒකාබද්ධ ඉල්ලීම සිදුකර ඇති බවයි.
ආගමික වශයෙන් බලහත්කාරය පෑම හා දේශසීමා ආශ්‍රිත ත්‍රස්තවාදී චෝදනා මුල් කර ගනිමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත් මෙවන් පැමිණිල්ලක් නිල වශයෙන් ජාත්‍යන්තර අධිකරණය වෙත ඉදිරිපත් වී නොමැති බවයි පකිස්ථාන මාධ්‍ය පවසන්නේ.
මෙය තම රටට එරෙහි සැලසුම් සහගත මෙහෙයුමක් බවද පකිස්ථාන මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *