

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් සහ ඉන්දියාවේ නිෂ්පාදිත භාරත් බයෝටෙක් එන්නත් මෙරට තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙනවා.
ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රකාශකයකු පැවසුවේ එම එන්නත් සම්බන්ධයෙන් මේ වන විට සොයා බලමින් පවතින බවයි.
ඔක්ස්ෆඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හදිසි භාවිතය සඳහා අවසර ලබාදුන් ක්‍රමවේදය යටතේම ස්පුට්නික් සහ භාරත් බයෝටෙක් එන්නත් සම්බන්ධයෙන්ද අධ්‍යයනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මෙරට තුල ලබාදීම සිදුකරන අතර ඒ යටතේ දින 3ක් තුල 50,000 ක පිරිසකට එන්නත ලබාදී තිබුණා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476