සෑම නිවසකම විදුලි පහන් 2ක් නිවන්න කැබිනට් අනුමැතිය

මතුව ඇති විදුලි අර්බුධයට විසදුම් ලබාදීම සදහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව ඉදිරි මාස 3ක කාළය තුළ සියලුම නිවෙස්වල විදුළි පහන් දෙකක් නිවා දැමීම  ,රාජ්‍ය ආයතන ආගමික සහ වානිජ ස්ථානවල විදුලි පරිභෝජනය සියයට 10කින් අඩු කිරීම , අනවශ්‍ය වීදි පහන් නිවා දැමීම  ,සාමාන්‍ය දිනවලදී වීදි පහන් නිවා දමන වේලාවට පැයකට පෙර සියලුම වීදි පහන් නිවා දැමීම යන ක්‍රියාමර්ග අනුගමනය කිරීමට නියමිතයි.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පවත්නා විදුලි පරිභෝජනයට සාපේක්ෂව විදුලිය නිෂ්පාදනය අභියෝගයක් වී ඇති බවයි.
ඒ අනුව විදුලිබල නිෂ්පාදනය යථාතත්වයට පත්කරන තෙක් විදුළිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මහජනතාව සහ ආයතන දැනුවත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවද එමගින් දන්වා තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 - Theme by LankaAnews