

හලාවත මුහුදෙන් අල්ලාගත් තල්මස් පැටවෙකු විකිණීමට තැත් කළ ධීවරයන් 3 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත ප්‍රාදේශීය නිලධාරීන් පැවසුවේ හලාවත පොදු මාළු වෙළද පලේ දි සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
මොර දැලකට හසුව සිටි මෙම තල්මස් පැටවා යළි මුදා හැරමෙන් තොරව මෙසේ විකිණීම සඳහා රැගෙනවිත් අතැයි හෙළිව තිබෙනවා.
ධීවර ආඥා පනත අනුව තල්මසුන් ආරක්ෂිත සත්ත්ව කොට්ඨාසයක් වන අතර ඔවුන් ඇල්ලිම මැරිම ඔවුන්ගේ මාංශ අලෙවි කිරිම දඩුවම් ලැබිය යුතු වරදක්.
පිග්මි වේල් වර්ගයට අයත් මෙම තල්මස් පැටවා කිලෝ 150 ක පමණ බරකින් යුක්ත බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා තල්මසා මහවැව නියෝජ්‍ය ධීවර අධ්යක්ෂ කාර්යාලය වෙත බාර දි තිබෙනවා.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්‍රතිකාර ලබන
445