2017 අධ්‍යාපන  පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් කඩිනමින් ලබා දීම සඳහා ලබන 25 වැනිදා විශේෂ එක්දින සේවාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

එදිනට පාසල් අයදුම්කරුවන් පැමිනීම අනිවාර්ය නොවන අතර එම දරුවන්ගේ ඥාතීත්වය තහවුරු කළ හැකි වෙනත් පුද්ගලයකු එම ඥාතීත්වය තහවුරු කරමින්  ග‍්‍රාම නිලධාරී විසින් සහතික කර ලබාදෙන බලය පැවරීමේ ලිපියක් රැගෙන ඒම ප‍්‍රමාණවත් බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

දෙපාර්තමේන්තුව වෙත ඉල්ලූම්පත් යොමු කර ඇති පාසල් ඉල්ලූම්පත් සඳහා හැදුනුම්පත් සකස් කර මේ වනවිට තැපැල්  කරමින් පවතින බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.