නිදොස් කරන්නැයි ඉල්ලූ ගෝඨාගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

තමා නිදොස් කොට නිදහස් කරන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ ඇවන්ට් ගාර්ඩ් සමාගමට නීති විරෝධීව පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දීමෙන් රජයට රුපියල් කෝටි 1140ක අලාභයක් කිරීම ඇතුළු චෝදනා 19 ක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාළවයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් තමාට එරෙහිව නඩු පැවරීම නීත්‍යානුකූල නොවන බවයි.

එබැවින් තමන් මුදා හරින නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේ.

අද දිනයේ සැකකරුවන්ට එරෙහි චෝදනා අධිකරණය හමුවේ කියවා දෙනු ලැබුවා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish