අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය දරන සමයේ රජයට අයත් අමෙරිකානු ඩොලර් 132,000ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිඛෙනවා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වික්‍රමසූරිය මහතා මහාධිකරණය මගින් ඇප ලබා ගෙන මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා බව පවසමින් අමෙරිකාවට ගොස් සිටිනවා.

ඒ අනුව ජාලය වික්‍රමසූරිය මහතා වෙනුවෙන් ඇප ලබා දුන් ඇපකරුවන් 04 දෙනාට ද අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නොතීසි නිකුත් කළා.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.