ආසියාවේ එකම හා විශාලම ඉග්ලූ නිවහන කාශ්මීරයේ

Sri Lanka

ආසියාවේ එකම හා විශාලම ඉග්ලූ නිවහන කාශ්මීරයේ ඉදිකර තිබෙනවා.
ජම්මු හා කාශ්මීරයේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන ගුල්මාර්ග් හී මෙම නිවහන ඉදිකර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
කොලහෝයි ග්‍රීන් හෝටල් සහ නිකේතන සමූහය විසින් ආරම්භ කරන ලද මෙම ඉග්ලු නිවහන අඩි 22ක විෂ්කම්භයකින් හා අඩු 12.5 ක උසකින් ඉදිකර තිබුණා.
එකවර අමුත්තන් 16 දෙනකුට මෙහි රැදී සිටිය හැකි පරිදි නිමවා ඇති බවයි නිර්මාණකරුවන් පවසන්නේ.
මේ වන විටත් කාශ්මීරයට පැමිණෙන සංචාරකයන් අතර මෙය ආකර්ෂණීය ස්ථානයක් බවටයි පත්ව ඇත්තේ.
හිම නිවසක් ලෙස හැඳින්වෙන ඉග්ලූස් බොහෝ දුරට ෆින්ලන්තය, ස්විට්සර්ලන්තය සහ කැනඩාව යන රටවල දක්නට ලැබෙනවා.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *