ගිංතොට ගැන අන්තර්ජාල බොරු කියන අල්ලන්න සී අයි ඩී විමර්ෂණ

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හා වෙනත් අකාරවලින් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරන අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිඛෙනවා.

සමාජ ජාල ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග ලබාදී ඇත්තේ.

එවැනි ප්‍රකාශ පතුරුවන අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.

ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ කඩ සහ නිවාස කිහිපයකට පහරදීම මුල් කරගෙනයි මෙම තත්ත්වය හටගෙන තිබුණේ.

⁣ඒ අනුව ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සිට අද පෙරවරුව දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබුණා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish