පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව තරග කිරීමේ සම්මුතිවාදී සාකච්ඡා ඉදිරි සතියේදී යහපත් ලෙස අවසන් කිරීමට හැකි වෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසය පළ කරනවා.
ඒ අනුව දෙපාර්ශවය සමගි කරවීමේ සාකච්ජා මේ වන විට ධනාත්මක තත්ත්වයක පවතින බවයි එහි ප්‍රකාශකයකු සදහන් කළේ.
ඒ සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සම්පූර්ණ සහයෝගය ලැබෙන බවද ඔහු කියා සිටියා.
ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟත්වය පළකිරීමට නියමිත අතර ඒ පිළිබඳව ඉතා ඉක්මනින් දැනුම් දීමට නියමිත බවයි අදාළ වාර්තා හෙළිකරන්නේ.
මේ අතර කණ්ඩායම් දෙකේම සුලුතරයක් මේ සදහා විරෝධය පලකරමින් සිටින බවද අදාළ වාර්තා හෙලි කළා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.