ප්‍රංශයේ ලෝක උරුමයක් ගිනි ගනී / ලෝකයෙන්ම ශෝකය

ලෝක උරුමයක්ද වන සියවස් 8ක් පැරණි ,ප්‍රංශයේ නෝත්‍රදාම් දේවස්ථානයේ ගින්නක් හටගෙන තිඛෙනවා.
සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ ගින්නෙන් දේවස්ථානයේ සම්පූර්ණ වහළ මේ වන විටත් විනාශයට පත්ව කඩා වැටී ඇති බවයි.

ගින්නට හේතුවක් මෙතෙක් හදුනාගෙන නැහැ.

ප්‍රංශයේ සංකේතයක් මෙන්ම ලොව පුරා කිතුණුවන්ගේ මහත් ගෞරවයට ලක්වන මෙම දේවස්ථානයට වසරකට මිලියන 13ක පිරිසක් පැමිණෙන බව සදහන්.

මෙම ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවන භටයන් 400ක් යොදවා ඇති බවයි ප්‍රංශ රජය සදහන් කළේ.

ගින්න පාලනය කරමින් සිටියද දේවස්ථානය පිළිබද අපේක්ෂා තැබීම අසීරු කරුණක්වී ඇති බවයි ප්‍රංශ රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සදහන් කළේ.

මෙම ගින්නෙන් සිදුව ඇති විනාශය පිළිබද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇතුලු රාජ්‍ය නායකයින් රැසක්ද ශෝකය පල කර තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 - Theme by LankaAnews