හදිසි තත්ත්වය හේතුවෙන් ලේ ලබා දෙන්නැයි ජනතාවට ඉල්ලීමක්

අද පෙරවරුවේ සිදුවූ පිපිරීම් හේතුවෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය ලේ ලබාදීමේ අවශ්‍යතාවය මෙන්ම ඒ හරහා රුධිර සංචිතයෙහි අඩුවීමක් සිදුවන බැවින් රුධිරය පරිත්‍යාග කල හැකි පුද්ගලයින්ට ඒ සදහා දායකවන්නැයි නාරහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මඩකලපුව / පොලොන්නරුව / මීගමුව / ත්‍රිකුණාමලය යන රෝහල් ලේ බැංකු වෙත ද රුධිරය පරිත්‍යාග කිරීමට පැමිනිය හැකි නම් එය මෙම අවස්ථාවේදී අගය කරන බවයි රුධිර මධ්‍යස්ථානය නිවේදනය කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.