පිපිරීම් 6න් 138ක් මරුට / 402කට තුවාල

අද පෙරවරුවේ කොලඹ සුපිරි හෝටල් 3ක හා ඒ අවට දේවස්ථාන 2කත් මඩකලපුවේ දේවස්ථානයකත් සිදුවූ පිපිරීම් හේතුවෙන් මිය ගිය ගණන 138ක් දක්වා ඉහළ ගොස් තිඛෙනවා.
කොලඹ ජාතික රෝහල නිල වශයෙන් නිවේදනය කළේ දැනට ලැබී ඇති දත්ත අනුව තුවාලකරුවන් 402 ක් වාර්තාවන බවයි.
මෙහිදී මරණ 62 ක් වාර්තාවන්නේ මීගමුවේ සිදුවූ පිපිරීමෙන් වනවා.
එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 110ක්.

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානය,කටාන පොලිස් වසමේ කටුවපිටිය ප්‍රදේශයේ දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය , කොළඹ ෂැන්ග්‍රිලා සහ සිනමඩ් ග්‍රෑන්ඩ් ,කිංග්ස්බරි යන හෝටල් තුලයි මෙම පිපිරීම් සිදුව ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න