පිපිරීමෙන් මියගිය අයගේ අවසන් කටයුතු රජයේ වියදමින්

රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද අවධාරණය කළා.

අද (21) දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වු පිපිරීම් සම්බන්දයෙන් දැනුවත් කිරිමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ පිපිරීමෙන් මිය ගිය සියලුම දෙනාගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කරන බවයි. එමෙන්ම තුවාලකරුවන්ට ප්‍රථිකාර කිරීම සඳහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරන බවද ඒ මහතා සදහන් කළා.