පිපිරීම්වලින් මරණ 207 ක් / 7 දෙනකු අත්අඩංගුවට – Lanka A News

පිපිරීම්වලින් මරණ 207 ක් / 7 දෙනකු අත්අඩංගුවට

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 207 ක් බව තහවුරු කර තිඛෙනවා.

තුවාල ලැබූ ගණන 500ක් ඉක්මවන බව සදහන්.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවේ, මියගිය 46 දෙනෙකුගේ සිරුරු රෝහලේ තබා ඇති බවයි.

මියගිය විදේශිකයින් 11 දෙනෙකු ද ඒ අතර වනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 259 ක්.

කටානේ කටුවාපිටිය දේවස්ථානයේ සිදුවු පිපිරීමෙන් මියගිය පුද්ගලයින් 74 දෙනෙකුගේ සිරුරු මීගමුව රෝහලට ගෙන ආ බව එහි අධ්‍යක්ෂවරයා සදහන් කළා.

මීට අමතරව එම පිපිරීමෙන් මියගිය තවත් 31 දෙනෙකු මහේස්ත්‍රාත් පරික්ෂණය අවසන් වනතුරු එම දේවස්ථානයේ තබා තිබෙන බව ද කටාන පොලීසිය අනාවරණ කළා.

කටුවාපිටිය පිපිරීමෙන් තුවාල ලැබු පුද්ගලයින් 83 දෙනෙකු මේ වනවිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් 30 දෙනෙකු වෙනත් රෝහල්වලට මාරු කර යවා තිඛෙනවා.

මියගිය 7 දෙනෙකුගේ සිරුරු රාගම රොහලේ තබා ඇති අතර එහි ප්‍රතිකාර ලබන පිරිස 30 ක්.

මඩකලපුව සියෝන් දේවස්ථානයේ සිදුවු පිපිරීමෙන් මියගිය 27 දෙනෙකුගේ සිරුරු මඩකලපුව රෝහලේ තබා ඇතැයි එහි අධ්‍යක්ෂවරිය කියා සිටියා.

එම පිපිරිමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන පිරිස 80ක්.

කොළඹ පිපිරීම්වලින් තුවාල ලැබු තවත් 17 දෙනෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඉන් දෙදෙනෙකු විදේශිකයින් බවයි පොලිසිය සදහන් කළේ.

මේ අතර පිපිරීම් සම්බන්ධව සැකපිට මේ වන විට 7 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.