

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අදාළ නඩු තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා සිය නීතිඥවරයකු මාර්ගයෙන් විශේෂ අභියාචනාවසර පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ (01 වැනිදා) ඉදිරිපත් කර තිබේ. නීතිඥ දිනේෂ් විදානපතිරණ විසින් එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර තිබුණි.
අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛනගත කිරීම සඳහා නීති ප්‍රතිපාදන නොමැති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එය ලියාපදිංචි කිරීම, ප්‍රතික්ෂේප කර තිබේ.
ඉෂාර රත්නකාර – Aruna
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476