

වවුනියාව සෙට්ටිකුලම විල්පත්තු කැළය ආශ්‍රිතව යුද හමුදා භට කණ්ඩායමක් සහ ආයුධ සන්නද්ධව පුද්ගලයින් තුන්දෙනෙකු අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
ඒ යුධ හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුරයි.
සිද්ධියේ දී එක් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර ඔහු සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වවුනියාව රෝහලට මාරුකර යවා තිබෙනවා.
ආයුධ සන්නද්ධව සිටි අනෙක් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476