ගිංතොටට අඛණ්ඩව පොලිස් ආරක්ෂාව / අගමැති වාර්තාවක් ඉල්ලයි

ගිංතොට ප්‍රදේශයේ ඇතිවූ තත්වය මේ වනවිට සමනය කර ඇතත් ප්‍රදේශයට ලබාදුන් ආරක්ෂාව ඒ අයුරින්ම පවත්වාගෙන යාමට රජය තීරණය කර තිඛෙනවා.
එම ආරක්ෂාව තවදුරටත් ඒ අයුරින්ම පවත්වාගෙන යන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ප්‍රකාශ කර තිබුණේ ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අවස්ථාවේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය සාගල රත්නායක මහතාට මෙහිදී දැනුම් දුන් අතර එම වාර්තාව හැකි ඉක්මනින් ලබාදෙන්නැයි අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කර තිබුණා.
මේ අතර තමා නැවත දැනුම්දෙනතුරු ගිංතොට ප්‍රදේශයේ ආරක්ෂාව ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම නොකළයුතු බවයි අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish