ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

ලංකාවේ පිපිරීම්වල මරණ 310 ක් වෙයි

බෙදා හරින්න :

දිවයිනේ ස්ථාන කිහිපයක පසුගිය 21 වනදා සිදුවූ පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් තිඛෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක තුවාලකරුවන් 500ක් පමණ මේ වනවිටත් ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි.
මෙම ප‍්‍රහාරවලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකු ඊයේ (22) රාත‍්‍රියේ මරණයට පත්ව තිබුණා.

මේ අතර මීගමුවේ කටුවන පිහිටි ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ දේහයන්, අවසාන දේව මෙහෙයෙන් පසුව දේවස්ථාන සුසාන භූමිය කරා අද ගෙනගිය අතර බෝම්බ පිපිරීමෙන් මියගිය බොහෝ දෙනාගේ අවමඟුල් අද සිදුකෙරෙනවා.

51594

ආසාදිතයන්

44259

සුවය ලැබූ

7080

දැනට රෝගීන්

255

මරණ

බෙදා හරින්න :

Similar Posts