ලංකාවේ ප්‍රහාරය නවසීලන්ත ප්‍රහාරයට පලිගැනීමක් බව හෙළිවේ.

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර මාලාව නවසීලන්තයේ මුස්ලිම් පල්ලිවලට එල්ලවූ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ගෝලීය ත්‍රස්ත සංවිධාන මෙහෙයවා ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද ප්‍රකාශ කළා.
ඒ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මේ සදහා නැෂනල් තවිහිද් ජමාත් නම් සංවිධානයද සම්බන්ධ බවයි මෙහිදී අනාවරණ කෙරුණේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් මියගිය  පුද්ගලයින් සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කියා සිටියා.

මේ අතර, විදේශිකයින් 38 දෙනෙකු ද මිය ගොස් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු විශේෂ සභාවාරය අමතමින් අමාත්‍යවරයා කියා සිටියා.

මේ වන විට රෝහල්වල 375 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව ද අමාත්‍යරවයා වැඩිදුරටත් සඳහන් කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න