දෙමටගොඩ පිපිරීම සිදුවූ නිවසෙන් ගිනි අවි සොයාගනී

දෙමටගොඩ – මහවිල උද්‍යානය ප්‍රදේශයේ පසුගියදා පිපිරීම් සිදුවූ නිවසේ තිබී ගිනි අවි කිහිපයක් සොයාගෙන තිබෙනවා.

ඒ, පිපිරීමෙන් අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදීයි.

එම නිවස අසළ සැක කටයුතු ලෙස රැදී සිටියදී අත්අඩංගුවට ගත් 24 හැවිරිදි තරුණයාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය තවදුරටත් ප්‍රශ්ණ කිරීම් සිදු කරමින් පවතිනවා.

සැකකරු අදාල විමර්ෂණ සිදුකරන ආකාරය පටිගත කරමින් සිටියදී අත්අඩංගුවට ගත් අතර ඔහුගේ ජංගම දුරකථනයේ තිබී දෙමටගොඩ සහ කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීම් සිදුවන අයුරු දැක්වෙන ඡායාරූප සහ දර්ශන ද සොයාගෙන තිඛෙනවා.

අදාළ නිවස තුළ පසුගිය ඉරිදා පිපිරීම් දෙකක් සිදුවූ බවට පොලිසිය දැනුම් දී තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණ තවදුරටත් අවසන්ව නොමැති බවයි වාර්තාවන්නේ.

.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න