• Tue. Nov 29th, 2022

සම්බාධක පනවනවා / මියන්මාර හමුදා පාලනයට අමෙරිකාව අනතුරු අඟවයි

ByLankaAnews

Feb 3, 2021

මියන්මාරය තුල යළි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොකරන්නේ නම් එරටට සම්බාධක පනවන බව අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසනවා.
මියන්මාර හමුදා පාලනයට අනතුරු අඟවමින් ඔහු පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් හමුදා බලයෙන් යටපත් කිරීම , සමස්ථ ලෝකයම පිළි නොගන්නා බවයි.
මේ පිළිබද වාර්තාවක් පල කරන රොයිටර් පුවත් සේවය පවසන්නේ අංශ කිහිපයක් ඔස්සේ මියන්මාර හමුදා පාලනයට බලපෑම් කිරීමට අමෙරිකාව සූදානම් බවයි.
ඒ අනුව මියන්මාරයට වෙළඳ සම්බාධක පැනවීම, හමුදා ප්‍රධානීන්ට ජාත්‍යන්තර වශයෙන් සීමා පැනවීම හා මියන්මාර සමාගම්වලට සීමා පැනවීම ආදී තත්ත්වයන් කෙරෙහි අමෙරිකාව අවධානය යොමුකර තිබෙනවා.
කෙසේ වෙතත් මියන්මාර හමුදාව පවසන්නේ වසරක කාලයක් හදිසි නීතිය පවත්වාගෙන යාමෙන් පසු රටේ මැතිවරණයක් පවත්වන බවයි.
පසුගිය මැතිවරණ ප්‍රතිඵලය දූෂිත බවද මියන්මාර හමුදාව නිවේදනය කළා.
රට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකා අවුන් සාන් සුචී ඇතුළු දේශපාලකයන් රැසක් මේ වන විට අත්අඩංගුවේ පසුවනවා.
ඔවුන් මුදා හැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ජාත්‍යන්තර යෝජනාවන් ද මේ වන විටත් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *