ආරක්ෂක ලේකම් ඉල්ලා අස්විය යුතුයි / ඕමල්පේ සෝභිත හිමි-Audio

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විදෙස් මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නවලට ඊයේ ලබාදුන් පිළිතුරු තරයේ හෙළාදකින බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අද ප්‍රකාශ කළා.
උන්වහන්සේ සදහන් කළේ වගකීම් ඉටු කළ නොහැකි බැවින් ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බවයි.

මේ අතර පසුගියදා සිදු වූ කුරිරු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු පිළිබඳ පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා දැන සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහෙත් විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කර නොමැති බවත්, මේ නිසා වහාම පොලිස්පතිවරයා තම තනතුර පිළිබඳ තීරණයත් ගත යුතු බවත් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා.

බුද්ධි අංශ නිවැරදිව කටයුතු කර තිබෙන බවත්, එහෙත් අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමේදී අඩුපාඩුවක් සිදුව තිබෙන බවද අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :